ගෝඨාභය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීමට සූදානම්





පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයේ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් ගොනු කල නඩුවෙන් ඒකමතික තීන්දුවකින් නිදොස් වීමෙන් පසුව එළඹෙන ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය යටතේ තරග කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නාමයෝජනා පත‍්‍රයට අද (06) අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

නුගේගොඩ පිහිටි එම මහතාගේ නිවසේදී ඔහු සිය නාමයෝජනා පත‍්‍රයට අත්සන් තැබීමට නියමිතයි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සහ ඒ හා සම්බන්ධ අනෙකුත් පක්ෂ වල නියෝජිතයින්ද එම අවස්ථාවට එක්වීමට නියමිතව තිබෙනවා.

Post a Comment

0 Comments