මෙතෙක් කිසිවෙක් කතා නොකල කාන්තාවන්ගේ සැබෑ ප්‍රශ්නයකට සජිත්ගෙන් විසඳුම් !




සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන සංවාදය මඟ හැරීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් කාන්තාව සැබෑ ලෙසම බල ගැන්වීමට නම් කාන්තාවන් සම්බන්ධයෙන් වන මෙම මූලික කරුණු පිළිබඳව අවධානය කල යුතු බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.
ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කර ඇත.
“යුනිසෙෆ් සංවිධානයේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ නවයොවුන් වියේ පාසල් දැරියන් අතරින් හරි අඩකට වඩා වැඩි පිරිසක් සිය මාසික ඔසප් සමයේදී පාසල මඟ හරිනවා. අපගේ රජය සනීපාරක්ෂක තුවා මත පනවා තිබූ බදු 63% දක්වා අඩු කලා. නමුත් අදටත් දහස් ගනන් කාන්තාවන් මෙම බදු නිසා පීඩා විදිනවා. “
“මේ සම්බන්ධයෙන් වන සංවාදයට මම ලැජ්ජා වන්නේ නැහැ. කාන්තාවන් සැබෑ ලෙසම බලගැන්වීමට අපට අවශ්‍ය නම් මෙය හොද ආරම්භයක්. පිරිවැය පලදායී තිරසාර විසදුමක් ලැබෙන තුරු කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම සදහා වන මාගේ පොරොන්දුව එලෙසම ක්‍රියාත්මක කරනවා. “
“කාන්තා අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මා කැපවෙනවා. “වෑන් මෑන්” වනවාට වඩා “පෑඩ් මෑන්” යන අන්වර්ථ නාමය දරා සිටීම මට ගෞරවයක්. “ යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා සිය ටුවිටර් පණිවිඩයේ දක්වා තිබෙනවා.
පසුගිය දිනවල සජිත් ප්‍රේමදාස මහතාගේ සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙන බවට ප්‍රකාශ කල බැවින් ඔහුව “පෑඩ් මෑන්” ලෙස හදුන්වන බවට සමාජජාල මාධ්‍ය තුල බොහෝ දෙනෙකු ඔහුව හාස්‍යයට ලක්කර තිබුනා. ඒ අතරින් බොහෝ දෙනෙකු පිරිමින් වීම විශේෂත්වයක්.

Post a Comment

0 Comments