තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් නොවන බව වසන්ත කියයි



රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පසුගිය දින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රශ්න හතරක් යොමු කළා. 
එම ප්‍රශ්න හතර යොමු කිරීමෙන් පසු වසන්ත සේනානායක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ බවට එම පක්ෂය පැවසූවා.
කෙසේ වෙතත් තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් හෝ ඇමති ධුරයෙන් ඉවත් නොවන බව රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක පවසනවා. ඊයේ දින (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයාට පමණක් තමන් ඇමති ධූරයෙන් ඉවත් කිරීමට හැකි බවත් පැවසූ ඔහු හැකි නම් තමන් ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අභියෝග කලේය.
තමා පිළිතුරු බලාපොරොත්තුවෙන් යොමුකළ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු නොලැබීම නිසා දේශපාලනය ඉවත් වීමට සුදානමින් සිටි බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නමුත් දැන් ඇතිව තිබෙන තත්ත්වය මත ජනාධිපතිවරණයේදී වෙනත් අයෙකුට උදව් කිරීමට සලකා බැලීමට සිදුවන බවද ඔහු කියා සිටියේය.

Post a Comment

0 Comments