අනාගතයේදී ඇති නොවන දෙයක් ගැන ෆොන්සේකාගෙන් සැර ප්‍රකාශයක් !



අනාගතයේ කිසිදු අවස්ථාවක නැවත ත්‍රස්තවාදය ඇති වීමට ඉඩක් නොදෙන බවත්, ඒ සදහා වෙනම සේනාංකයක් පිහිටවමින් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඊයේ (29) මහරගමදී පැවති ජනරුළියේදී ප්‍රකාශ කළේය.
මෙහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,
“ගාලු මුවදොර පිටියේදි ජනතාව ඉදිරියේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක තුමා මට වගකීමක් භාරදුන්නා.මම ඒ වගකීම ගෞරවයෙන් භාරගන්නවා.ඒ වගකීම අකුරටම ඉටුකරනවා.ඒ තුළ මම මෘතෘ භුමියේ භෞමික අඛණ්ඩතාවය,ස්වෛරිභාවය ,ජනතාවගේ ආරක්ෂාව,දේපල ආරක්ෂාව,රටේ ආරක්ෂාව,ජනාධිපතිතුමාගේ ආරක්ෂාව කිසිම අඩුපාඩුවක් සිදු නොවන අකාරයෙන් ඉටුකරනවා.
අපේ රටේ ත්‍රිවිද හමුදාවට පොලිස් නිලදාරින්ට අවශ්‍ය සියලු සම්පත් ලබා දී නවින තාක්ෂනය ලබා දී අනාගතයේ කිසිදු අවස්ථාවක නැවත ත්‍රස්තවාදයක් ඇතිවෙන්නේ නැහැ.ඒ සදහා වෙනම සේනාංකයක් නිර්මාණය කරනවා.කප්පං ගැනීම,අල්ලස් ගැනීම,පගාව අපි නතර කරනවා.නීතිය ක්‍රියාත්මක කරලා මේ රටේ ජනතාවට නීතියේ ආරක්ෂාව ලබාදෙනවා.” යනුවෙන් ඔහු කියා සිටියා.

Post a Comment

0 Comments