Popular Posts







ප්‍රකට දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මුහුණු පොතට එක් කර තිබෙන සටහන විවාදාත්මක තත්ත්වයක් මතුකර තිබේ.

පසුගිය පාස්කු ප්‍රහාරයේ යටි පෙළ සබඳතාවක් සම්බන්ධයෙන් එහි දක්වා තිබෙන අතර රාජපක්ෂ කඳවුරේ හිතවාදියෙකු ලෙස ප්‍රකට ආචාර්ය දයාන් ජයතිලක මෙවැනි සටහනක් ප්‍රසිද්ධ කිරීමම සිතන්නට යමක් එක් කරන කාරණයකි.

පාස්කු ප්‍රහාරයත් සමඟ උත්සන්න වූ ජාතිවාදය ඇවිස්සීමත් ඒ පසුපස ඇති මාධ්‍ය මෙහෙයුමත් පිළිබඳව ඔහු එම සටහනෙන් විවෘතව පෙන්වා දී තිබේ.

අවසානයේ එහි වගකීම රාජපක්ෂ කඳවුර වෙත එල්ලකරමින්  රටේ සමඟිය වැනසීම ගැන ඔහු යම් හෙළිදරව්වක් කරයි.

ආචාර්ය දයාන් ජයතිලක රාජපක්ෂ කඳවුරේ හිතවාදියෙකු ලෙස රටම හඳුනා ගෙන සිටි තැනැත්තෙකු ලෙස දැන් ඔහු විවෘතව මේ පෙන්වාදෙන කාරණය මේ මොහොතේ දේශපාලනිකව ඉතා තීරණාත්මක තත්ත්වයක් නිර්මාණය කරන්නක් වන අතර හෙට (23) දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ දේශපාලන වටපිටාව තවදුරටත් තීව්‍ර වනු ඇත.


0 comments

Post a Comment

Trending

facebook