Popular Posts





නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලග්ගල නව නගරයේදී පැවැත්වුනු ජන රැළියේදී රැළියට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුකුගේ විරෝධතාවයක් එල්ල වුනා. ඒ ‘‘මහ බැංකු හොරු මෙහෙට ගේන්න එපා‘‘ යනුවෙන් සඳහන් කරමින්.

කෙසේ වෙතත් පසුව ඔහු අසළට පැමිණි එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැමිණ ඔහු සමඟ කතාබහක නිරත වන ආකාරය දක්නට ලැබුනා.  ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වේදිකාවට පැමිණි අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රැළිය ආමන්ත්‍රණය කරන අතරතුරදීද නැවත ජනතාවගෙන් විරෝධය එල්ල වුනා.

කෙසේ වෙතත් රැළිය ආමන්ත්‍රණය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස ප්‍රකාශ කලා.

"පොහොට්ටුවේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ අලූත් රටක් හදන බව ප්‍රකාශ කරනවා.  වසර 10ක් මේ රට පාලනයකළ මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ රාජපක්‍ෂවරුන්ට අලූත් රටක් හැදීමට නොහැකි වුණා. එසේනම් දැන් අලූත් රටක් හදන්නේ කෙසේද කියා කිව යුතුයි.

නැවත මේ අය බලයට පැමිණියත් රටපාලනය කරන්නේ 2015 ට පෙර පාලනය කළ ආකාරයටම බව කිව යුතුයි. වසර 10 ක පාලන කාලය තුළබඩු මිල අඩු කර ජනතාවට සහන නොදුන් රාජපක්‍ෂවරු නැවත බලයට පැමිණ එම කටයුතු සිදුකරන්නේ කෙසේද?

වත්මන් ආණ්ඩුව 2015 දී බලයට පැමිණෙන විට පෙට්‍රල් ලීටරයක මිල 162 යි. අද 137 යි. එදා ඩීසල්ලීටරයක් 118 යි. අද 104 යි. එදා භූමිතෙල් ලීටරයක් 110 යි. අද 90 යි. ගෘහස්ථ ගෑස්සිලින්ඩරයක මිල එදා 2650 යි. අද 1493 යි. පරිප්පු කිලොවක් එදා 240 යි. අද 120 යි. කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් එදා 410 යි. අද 345 යි. සිනි කිලෝවක් එදා 120 යි. අද 100 යි. සැමන් ටින් එකක් එදා 275 යි. අද 190 යි.

රාජපක්‍ෂ පාලන සමයේ සහන ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට එදා වෙඩි තැබුවා. ඉන්ධන මිල අඩු කරන ලෙස ඉල්ලමින් එදා උද්ඝෝෂණය කළ හලාවත ඇන්තනීව වෙඩි තබා ඝාතනය කළා. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා පෙළපාලි ගිය රොෂාන් චානකව වෙඩි තබා ඝාතනය කළා. ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාව වෙඩි තබා ඝාතනය කළා‘‘

0 comments

Post a Comment

Trending

facebook