Popular Posts





ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්ථමානයේ හිමිව ඇත්තේ ඉතාමත් ඛේදජනක තත්වයක් බව බොහෝ දෙනා පවසනවා. මෙසේ එම පක්ෂය දියාරු කරමින් තම පෞද්ගලික අරමුණු ඉටුකරගැනීමට එම පක්ෂයෙන් පෝෂණය වූ ඇතැම් ඇමතිවරු උත්සහ කිරීම ඊට ප්‍රධානතම හේතුවයි.

උදාහරණයක් ලෙස දයාසිරි ජයසේකර ඊයේ(16) දිනයේ පොදුජන පෙරමුණු මාධ්‍ය සාකච්ඡාවේ අසුන් ගැනීම පෙන්වාදිය හැකියි. එනම් මෙතෙක් කල් නිදහස් පක්ෂය රැකගෙන පැමිණි අනන්‍යතාවය දයාසිරි එක තත්පරයකින් විනාශ කර දැමීමයි. මේ පිළිබඳ ග්‍රාමීය නිදහස් පාක්ෂිකයන් තුල ඇත්තේ දැඩි කළකිරීමක් බවයි වාර්තා වෙන්නේ.

මෙසේ දයාසිරි තමාට ඇති වාසිය වෙනුවෙන් පක්ෂය පාවාදීම නිසා නිදහස් පාක්ෂිකයින් සජිත් ප්‍රේමදාස වටා රොක් වෙමින් පවතින බවත් දේශපාලන ආරංචිමාර්ග  කියා සිටිනවා. ඔවුන් විශේෂයෙන් අවධාරණය කරන්නේ පොහොට්ටුවේ පිරිස්  විවිධ කතා පැවසුවත් ඒ සියල්ල ඡන්දය උදෙසා පමණක් බව තමන් දන්නා බවයි. තවද පොහොට්ටුවේ පිරිස් තමන් වෙත හූ තියමින් ප්‍රකාශ කරන්නේ නිදහස් පාක්ෂිකයන් කෙරෙහි ඔවුන් තුළ ඇති දැඩි වෛරය නොවේද ? යන්නත් ඔවුන් ප්‍රශ්න කර සිටිනවා.

දයාසිරි ජයසේකර නිදහස් පක්ෂය සහ පාක්ෂිකයන් කෙරෙහි සැබෑ ආදරයක් හෝ වගවීමක් පවතීනම් පොදුජන පෙරමුණු මාධ්‍ය සාකච්ඡාවේ වාඩි විය හැකි ද ?

දයාසිරි ජයසේකර යනු , නිදහස් පක්ෂයෙන්ම  දේශපාලනය ආරම්භ කර පසුව තම පෞද්ගලික වාසිය උදෙසා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව යම් කාලසීමාවක් එම පක්ෂයෙන් පෝෂණය වී ජනප්‍රියතාවය ලැබීම සමඟම තම වාසිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් අනාථකර නැවත මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි.

මීට වසර කිහිපයකට පෙර එක්සත් ජාතික පක්ෂයේ සිට "හම්බන්තොට වරායේ ගලක් තියනවා" කියූ මිනිසා තම හැව ඇරීමත් සමඟ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී හිඳිමින් එම ප්‍රකාශය වෙනස් කරනු ලැබුවේ "දැන් ඒ ගල කඩලා" යනුවෙනි. මෙසේ ප්‍රකාශ කල මිනිසා 2015 ට පෙර දැඩි ලෙස මෛත්‍රීපාල සිරිසේන චරිතය විවේචනය කරනු ලැබූ අතර සමාජ මාධ්‍ය තුළ "හිටං" යනුවෙන් ජනාධිපතිවරයාට අනුවර්ථ නාමයක් පවා බිහිකිරීමේ පුරෝගාමියා බව නොරහසකි.

මෛත්‍රීපාල මහතා රූකඩයක් බවත් කෙළින් සිටීමට පණ නැති බවත් ප්‍රකාශ කරමින් මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයේ  යෙදී සිටි දයාසිරි ජයසේකර 2015 මෛත්‍රී ජනාධිපති වූ පසු තමා දැඩිලෙස විවේචනය කල  මෛත්‍රීපාල මහතා වෙත වැඳ නමස්කාර කරමින් ඇමතිපට්ටමක් ලබා ගත් ආකාරය දැක කුඩා දරුවන් පවා සිනාසුනි.

මෙසේ පක්ෂ පාවාදෙමින් වසර ගණනාවක් තිස්සේ තම පෞද්ගලික වාසිය වෙනුවෙන් ක්‍රියාකළ පුද්ගලයකු නිදහස් පක්ෂය සුරැකීම වෙනුවෙන් පොහොට්ටුව වෙනුවෙන් පෙනී සිටින බව කියාපෑම ඔබත් විශ්වාස කරනවා ද ? තීරණය බුද්ධිමත් ඔබට බාරයි.

0 comments

Post a Comment

Trending

facebook