සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ අයෙක් අල්ලයි






පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වූ මොහොමඩ් සහරාන් සමඟ පුහුණුව ලැබූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බන්තොට ප්‍රදේශයේ දී පුහුණුව ලබා තිබුණූ මොහොමඩ් ජෙම්සිට් නැමති කාන්තන්කුඩිවල පදිංචි පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබා ගෙන විමර්ශන සිදුකරනු ලබනවා.

ඔහුගේ දුරකථන අංකයට අදාළව සිදුකරන ලද දුරකථන අංක විශ්ලේෂණයකින් අනතුරුව මෙම ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ තවත් සැකකරුවෙක් ඊයේ (03) රාත්‍රීයේ බේරුවල, අඹේපිටිය ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරු වයස අවුරුදු 20ක් වු මෙහොමඩ් වසීම් හෙවත් අබුමස්ඌඩ් නැමති අයෙක් බවත් මොහු බුටාව පාර, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය පවසනවා.

මොහු ද හම්බන්තොට දී පුහුණුවීමකට සම්බන්ධ වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Post a Comment

0 Comments