Popular Posts






ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නැසීගිය නැගණිය වන විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මියගේ පුත්‍රයා වන නිපුණ රණවක රාජපක්ෂ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙණියාය ආසනයේ සංවිධායක කටයුතු සදහා පත් කර තිබේ.

නිපුණ රණවක රාජපක්ෂ විසින් සමස්ඨ මාතර දිස්ත්‍රික්කයේම පොදුජන පෙරමුණු පක්ෂ සංවිධායක කටයුතු කළමනාකරණය සදහා "බලයලත්" පුද්ගලයා ලෙස ක්‍රියාකිරීම නිසා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙකුට නිපුණ රණවක රාජපක්ෂගේ උපදෙස් මත ක්‍රියා කිරීමට සිදුවී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය වන බැවින් පවුලේ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් වරිග සභාවේ තීන්දු මත එම පවුලේම සාමාජිකයින් සංවිධායකයින් ලෙස පත් කිරීමේ වරදක් නැත. එම තීන්දු සම්බන්ධයෙන් යටහත් පහත්ව කටයුතු කිරීමට පක්ෂයේ අනෙකුත් පුද්ගලයින් දිවුරා පොරොන්දු වී ඇති අතර එසේ නොවුනහොත් එය "දේශද්‍රෝහී" ක්‍රියාවකි.

ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන මහමැතිවරණයේදී නිපුණ රණවක රාජපක්ෂ මහතා මාතරින් තරඟ කොට පාර්ලිමේන්තු පැමිණීමට නියමිතව ඇති අතට සිය බාප්පා මාමා මෙරට ඊළඟ ජනාධිපති බවත් සිය පවුල ශ්‍රී ලංකාවේ දේශපාලන බලයේ කේන්ද්‍රය බවත් පවසමින් උඩගු මාන්නාධික  මැතිවරණ ව්‍යාපායක් නිපුණ රණවක් විසින් සිදුකරමින් සිටින බව අනාවරණය වී තිබේ.




0 comments

Post a Comment

Trending

facebook