අනුරුද්ධ පාදෙණියට වැඩ වරදින ලකුණු !





රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.
රජයේ මාණ්ඩලික නිලධාරියකු ලෙස හිඳිමින් දේශපාලන පක්ෂයක කටයුතු සඳහා සම්බන්ධ වීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.
ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන අවස්ථාවේ ඊට සම්බන්ධ වීම හේතුවෙන් මේ චෝදනා එල්ල වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට මීට පෙර පැමිණිලි කර තිබුණා.
ආයතන සංග්‍රහයේ 32වන පරිච්ඡේදය අනුව මැතිවරණ සමයක යම් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනයට කටයුතු කිරීම රජයේ මාණ්ඩලික නිලධාරියෙකුට රැකියාව අහිමි වීමටත් හේතු වනවා.

Post a Comment

0 Comments