Popular Posts




බජාජ් ත්‍රීරෝද රථ සහ මෝටර් බයිසිකල් මෙරටට ගෙන්වා බෙදාහරින සීමා සහිතර ඩේවිඩ් පීරිස් මෝටර්ස් සමාගමේ මහා පරිමාණ සේවක කප්පාදුවක් සිදුකෙරෙමින් පවතින බව වාර්තා වනවා.

සේවකයින් 2000+ සංඛ්‍යාවක් සේවය කරන ඩේවිඩ් පීරිස් සමාගමේ මේ වනවිට සේවකයින් 350ක් පමණ ඉතා සුලු වන්දි මුදලක් ගෙවා ඉවත් කර ඇති අතර ඩේවිඩ් පීරිස් සමාගමට අනුබද්ධ ඇසට් ලයින් සමාගම සහ තවත් සමාගම් කිහිපයක සේවකයින්ද ඉවත් කිරීම සදහා කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වනවා.

වසර ගණනාවක් පුරා රුපියල් බිලියන ගණනක් ලාභ ලබන ඩේවිඩ් පීරිස් සමාගමේ ලාභය අඩු බව පවසමින් මෙම සේවක කප්පාදුව සිදුකරමින් සිටින බවයි චෝදනා එල්ල වී ඇත්තේ.

දමිළ ජාතික අධ්‍යක්ෂක වරයෙකුගේ මෙහෙයවීම මත අවම වන්දි ගෙවමින් සේවකයින් විශාල පිරිසක් ඉදිරි මාසයක කාලය තුලදී ඉවත් කිරීමට සමාගම සූදානම් වෙමින් සිටින බව අනාවරණය වී ඇත.

සේවක කප්පාදුවට අමතරව ආයතන කිහිපයක් ද වසා දැමීම සදහා මේ වනවිට පෙරකී දමිළ ජාතික අධ්‍යක්ෂකවරයාගේ මෙහයවීම මත කටයුතු සූදානම් වෙමින් පවතී.

කූප්‍රකට ඩීල් කරුවකු වන මෙම දමිළ ජාතික අධ්‍යක්ෂකවරයා විසින් විවිධ පාර්ශවයන් සමග අතයට ගනුදෙනු සදහා සමාගමේ මුදල් යෙදවීම නිසා සමාගම පාඩු ලබමින් සිටින බවටයි අනාවරණය වී ඇත්තේ.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් රුපියල් මිලියන ගණනක වැටුප් සහ බෝනස් ඇතුලු වරප්‍රසාද ලබන අතරම ආ‍යතනයේ සභාපතිවරයාගේ අනියම් බිරින්දෑවරුන්ට පවා ආයතනයේ මුදලින් පඩි ගෙවමින් තිබෙන අතරම දුප්පත් සේවකයින්ගේ රැකියා අහිමි කිරීම සම්බන්ධයෙන් සේවකයින් සිය දැඩි විරෝධය පළකරමින් සිටින බවද වාර්තා වනවා.

0 comments

Post a Comment

Trending

facebook