යෝකර් කින්ග් මාලිංග පෑ දස්කමේ අතීත කතාව මෙන්න





ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති 20යි 20 තරගයේදී ලෝක වාර්තාවක් පිහිටුීමට ලසිත් මාලිංග සමත් වුනා. පිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගනිමින් ලසිත් මාලිංග එවන් දස්මක් කළ ලොව පළමුවැනි ක්‍රීඩකයා ලෙසින් ඔහු ක්‍රිකට් වාර්තා අතරට එකතු වුනේ 20යි 20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කී ලොව පළමු වැනි ක්‍රීඩකයා ලෙසින්ද ඉතිහාසයට එක්වෙමින්.

ලසිත් මාලිංග මීට පෙර 2007 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී පිට පිට පන්දු 04 කදී කඩුලු 04 ක් දවා ගනිමින් එක්දින තරඟ බිමේ එවන් දස්කමක් කළ පළමු ක්‍රීඩකයා බවට පත්වුනා.

මේ අතර ඊයේ තරගයේදී කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම20 යි 20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසින්ද ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්වුනා.

Post a Comment

0 Comments