පාකිස්ථාන සංචාරයේ පළමු තරඟය වැස්ස නිසා අතහැරදමා ගත් තීරණය මෙන්න !







ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරයේ පළමු තරඟය වර්ෂාව නිසා අතහැර දැමීමෙන් පසු ඊයේ (29) පැවැත්වීමට නියමිතව තිබු දෙවන තරඟයද ක්‍රීඩාංගණය සහ ඒ අවට ජලයෙන් පිරී තිබීම නිසා දිනක් කල් දැමීමට සංවිධායකයන් තීරණය කරන ලදී ඒ අනුව දෙවන තරඟය අද (30) කරච්චි නුවරදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වේ.

මේ අතර පාකිස්ථාන සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩයමේ නායක ලහිරු තිරිමාන්නගෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් නඟමින් ආරක්ෂාව සම්බන්ධව කණ්ඩායම කොයි ආකාරයකින් කටයුතු කරන්නේද කියා විමසු විට ඔහු කියා සිටියේ තමන් සහ කණ්ඩායම ආරක්ෂාව සම්බන්ධව නොව ක්‍රිකට් ගැන සිතන බවයි.

වසර 10කට පසුව ජාතික ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්ථානයේ සිදුකරනු ලබන පළමු තරඟ සංචාරය මෙය වන බැවින් මෙම තරඟාවලිය සඳහා බොහොමයක් ක්‍රීඩා ලෝලින්ගේ අවධනය යොමු වී ඇත.

Post a Comment

0 Comments