කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක් ! මහින්ද දේශප්‍රියත් බලාගෙන !





අද කොළඹ පැවතී උත්සවයට සහභාගී වමින් පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාරය වළක්වා ගැනීමට සිය ආගමික වගකීම නිසි අයුරින් ඉටු නොකිරීම සම්බන්ධයෙන් තමා තමන්මට දොස් පවරාගන්නා බව ඇති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරන ලදී.

එහිදී අදහස් දක්වමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේ පැවසීය.

“ලංකාව දියුණු කරන්න බැරි දූෂණය නිසා.

කුඩා රැකියාවක් කරන අයගේ සිට ඉහළ තනතුරු දක්වා අල්ලස දූෂණය සිදුවෙනවා.

මම ටික දවසකට පෙර කිව්වා කොන්ද පණ නැති නායකයෝ ගැන සදහන් කලා , නමුත් කොන්ද පණ ඇතිව ආගම ධර්මයට අනුව ජීවත් වීමේ වැදගත්කම අපේ ජනතාවත් අද අමතක කරලා.

සමාජය පිරිසිදු කරන්න පවතින ක්‍රමය වෙනස් කරන්න චින්තන විප්ලවයක් අවශ්‍යයි.

පාස්කු ප්‍රහාරය සිදු වුණු වෙලාවේ දේවස්ථානයට ගියාම මට ලොකු කම්පනයක් ඇති වුණා.

මම මගෙන්ම ප්‍රශ්නයක් ඇහුවා, පියතුමෙක් වෙලා මොනවද කළේ කියලා.

පියතුමෙක් ලෙස මම පියතුමාගේ වගකීම පැහැර හැරලා,මගේ ආගමික වගකීම ඉටු කරලා නැහැ.” ඒ නිසා මම මටම දොස් පවරා ගත්තා.”

එම අවස්ථාවට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද එක්ව සිටියේය.

Post a Comment

0 Comments