නයාරු ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය ආදාහනය කිරීමට අධිකරණ අවසර !





අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේදී සිදුකිරීමට අවසර ලබාදෙමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ උන්වහන්සේගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අපවත්වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද පෙරවරු 09ට පමණ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී පැමිණිලිකාර මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව වෙනුවෙන් අධිකරණයේ සිටින දෙමළ නීතීඥයින් 15 දෙනෙකු පමණ පෙනී සිට තිබෙනවා.

විත්තිකාර පාර්ශ්වය වන විහාරස්ථානය වෙනුවෙන් සිංහල නීතීඥයින් සිව්දෙනෙකු පෙනී සිට ඇතැයි ද සඳහන්.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන් සිකුරාදා රාත්‍රියේ අපවත් වූ අතර උන්වහන්සේගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාවක් හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා.

එම පිරිස විසින් මීට පෙර විහාරස්ථාන භූමියේ දෙමළ ජනතාවගේ ඉඩම් පවතින බවටද චෝදනා කරමින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබූ අතර එහි කෝවිලක් පිහිටුවීමට දෙමළ දේශපාලන නියෝජිතයින්ගේ මැදිහත්වීම මත සැලැස්මක්ද දියත්වුණා.

ඔවුන් කළ පැමිණිල්ලට අදාලව ගොනු කළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ අධිකරණය මගින් සුදුසු නියෝගයක් ලබාදෙන තෙක් විහාරාධිපති හිමියන්ගේ දේහය එම විහාරස්ථ භූමිය අවට අදාහනය නොකල යුතු බවයි.

Post a Comment

0 Comments