ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් බීලා මාට්ටු !





ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය අතරතුර මත්පැන් පානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් යොවුන් ක්‍රීඩකයින් තුන්දෙනෙකුට තරග සංචාරයක් තහනම් කර තිබෙනවා.

එම තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් පසු මෙම යොවුන් ක්‍රීඩකයින් තුන්දෙනා නවාතැන් ගෙන සිටි හෝටලයේදී බීමත්ව සිටි බවටයි අනාවරණය වී ඇත්තේ.

එම ක්‍රීඩකයින්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන් බීමත්ව සිටි බව අනාවරණය වී තිබෙනවා. ඒ හේතුවෙන් මෙම ක්‍රීඩකයින් තිදෙනා එළඹෙන බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත කියා සිටියේ.

Post a Comment

0 Comments