රනිල් ඡන්දයෙන් පරාද වෙයි ! තනතුරින් ඉවතට




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් ඊයේ (01) එම විහාරස්ථානයේ පැවැති දායක සභා රැස්වීමේදී බහුතර කැමැත්තෙන් සම්මත වී තිබෙනවා.

කැලණිය ශීල භාවනා සමිතියේ ටී. වීරසිංහ විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර කැලණිය විහාරස්ථ දායක සභාවේ සම ලේකම් සමන් රණසිංහ  විසින් එම යෝජනාව ස්ථිර කර තිබෙනවා.

එම යෝජනාව සම්මත වීමෙන් පසු විහාරාධිපති ආචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය පළ කර අය සිටිනවාද යන්න විමසා තිබෙනවා. එහිදී සභාවේ සිටි හත්දෙනකු අත් ඔසවමින් රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති අතර සෙසු පිරිස එම යෝජනාවට පක්ෂ වී තිබෙනවා. එම අවස්ථාවේදී සාමාජිකයන් 300 කට අධික පිරිසක් දායක සභා රැස්වීමට සහභාගි වී  ඇති බවයි වාර්තා වුනේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව තීන්දුවක් ගැනීමට විධායක සභාවට යොමු කර තිබෙනවා.

Post a Comment

0 Comments