රනිල්ගෙන් සජිත්ට ජනාධිපති අපේක්ෂකධූරය !






එජාපයේ ජනාධිපති අපේක්‍ෂක සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමේ අරමුණින් පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද (10) සවස අරලියගහ මන්දිරයේදී හමුවීමට නියමිතයි.

එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් සහ අගමැතිවරයා අතර පසුගිය 06 වනදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි මෙම හමුව සිදුවන අතර මෙය කලින් යොදාගෙන තිබුණේ ඉරිදා (08) පැවැත්වීමටයි.

නමුත් ඔවුන් දෙදෙනාම කාර්යබහුල වීම සහ කොළඹින් බැහැරව සිටීමත් නිසා එම හමුව අදට කල් දමනු ලැබුවා.

මෙම හමුව පැවැත්වෙන වේලාව සම්බන්ධව තීරණයක් ගෙන නොමැති අතර එය බොහෝ දුරට සවස සිදුවනු ඇතැයි අරලියගහ මන්දිරයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කර සිටියා.

Post a Comment

0 Comments