ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චන්ද්‍රයාන් 2 වෙනුවෙන් අඬපු හැටි මෙන්න ! VIDEO






චන්ද්‍රයාන් - 02 අභ්‍යාවකාශ මෙහෙයුමේ මතු වූ ගැටළු හේතුවෙන් බලාපොරොත්තු අත්හළ යුතු නැති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

සඳ මතුපිටට ගොඩ බැස්සවීමට ගිය වික්‍රම් ගවේෂණ යානය සහ පෘථිවිය අතර සන්නිවේදන සබඳතා බිඳ වැටීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කළා.

ජිවිතයේ ඉහල පහල යෑම් සිදුවන බැවින් මේ ලැබු ජයග්‍රහණය කුඩා එකක් නොවන බව ප්‍රකාශ කල ඉන්දිය අගමැතිවරයා, මෙමගින් ජාතියටත්, විද්‍යාවට හා මානව වර්ගයාට විශාල සේවයක් කර ඇති බැවින්, තමන් නිරන්තරයෙන්ම සහයෝගයට සිටින බවට ප්‍රකාශ කර තිබෙනවා.

 මෙම මෙහෙයුමට සම්බන්ධව සිටි විද්‍යාඥයින් ඇගයිමකට ලක් කිරිමට ඉන්දිය අගමැතිවරයා කටයුතු කල බවද එරට මාධ්‍ය වාර්තා කර තිබුනා.

මෙහෙයුම් මැදිරියේ සිට සියළු කටයුතු නිරීක්ෂණය කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි සිටි විද්‍යාඥයන් ඇතුළු පිරිස අමතා මේ බව ප්‍රකාශ කළ අතර එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

 

Post a Comment

0 Comments