නවක වදය නිසා සිසුන් දෙදාහක් පමණ විශ්වවිද්‍යාලය හැරගිහින් !





මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුල නවක වදයේ මුවාවෙන් සිදුකරන ශාරීරික හා ලිංගික අපයෝජන පිළිබඳ දිගින් දිගටම තොරතුරු වාර්තා වුනා.

ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සිදුකරන මෙම අමානුෂික ක්‍රියාවන් නිසා පසුගිය වසර දෙකක කාලය තුල සිසුන් 1989  දෙනෙකු විශ්ව විද්‍යාල හැරගොස් ඇති බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරන අතර ඇතැම් විට එම සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

එසේම මේ හේතුවෙන් සිය දිවි නසාගැනීම් ඇතුළු මරණ ද 16ක් වාර්තා වී ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරන අතර අලූතින් විශ්ව විද්‍යාල වෙත පැමිණෙන සිසුන්ට හා සිසුවියන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් ශාරීරිකව හා ලිංගිකව අපයෝජනයන්ට ලක්කරමින් නින්දා සහ හිරිහැර කිරීමේ තත්ත්වය දරුණු අතට හැරෙමින් පවතින බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

තවද නවක වදය හේතුකොට ගෙන රාජ්‍ය විශ්ව විද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල  සිසුන් බොහෝ පිරිසක් ශාරීරික,  මානසික හා ලිංගික වධහිංසාවන්ට ලක්වන බවත්, එමගින් සිය දිවි නසාගැනීම්, තුවාල, මානසික අවපීඩනය මෙන්ම වෙනත් මානසික ආබාධයන්ට ද ලක්වන බවත් එම ආරංචි මාර්ග සදහන් කරනවා.

Post a Comment

0 Comments