කට හොඳ නැති නිසා රංජන් අමාත්‍යධූරයෙන් ඉවතට !




එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉවත් කිරීමට එජාප නායකත්වයට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ පසුගිය දිනවල රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා මහා සංඝ රත්නය ඉලක්ක කර සිදු කළ ප්‍රකාශ හේතුවෙනි. කතෝලික භක්තිකයෙකු වන රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය කාදිනල්තුමාගෙද විවේචනයට ලක් විය.

මේ වන විට රංජන් රාමනායක සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයෙන්ද, විවිධ පාර්ශ්ව ගණනාවකින්ද පැමිණිලි විශාල ප‍්‍රමාණයක් එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලැබී ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීමේ නිර්දේශය ජනාධිපතිවරයා වෙත යැවීමේ ඉඩක් පවතින බවද වාර්තා වේ.

Post a Comment

0 Comments