තමා ජනාධිපති වූ පසු සිදුකරන පළමු ක්‍රියාව ගෝඨා හෙළිකරයි !






ජනාධිපතිවරයා වශයෙන් තේරි පත්වූ පසු සිය රජයේ පළමු කාර්‍යය වනුයේ රටේ ආරක්ෂාව තහවුරු කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා.

ඒ අද(11) පොදුජන පෙරමුණේ මහ සමුළුව අමතමින්.

සිය පාලනය යටතේ අන්තවාදී ත්‍රස්ත ව්‍යාපාරයන්ට හිස එසවීමට ඉඩ ලබා නොදෙන බව ඔහු එහිදී ප්‍රකාශ කලා.

සිය මාතෘ භූමියේ ස්වෛරී භාවයට හානියක් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබව බවයි ඔහු ප්‍රතිඥා දුන්නේ.

ජනතා කේන්ද්‍රිය ආර්ථික ප්‍රතිපත්තියක් සහ මානව සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකල රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා ප්‍රකාශ කලා.

Post a Comment

0 Comments