ක්‍රිකට් ක්‍රීඩකයින් මානසිකව අඩපණවීමට හේතුව සංගා කියයි !






ක්‍රිකට් ක්‍රීඩාවේ මානසික ඇදවැටීම් සම්බන්ධයෙන් විවෘත කතාබහක් ඇති කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු  කුමාර් සංගක්කාර පවසනවා.

එවැනි විවෘත කතාබහක් නොකිරීම තුළින් බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවිය අඩපන වී ඇති බවයි සංගක්කාර පෙන්වා දෙන්නේ.

මානසික පීඩාව තුළින් සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා නොමිලයේ ක්‍රියාත්මක 1333 සේවාව ප්‍රචලිත කිරීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංගක්කාර මෙම අදහස් පළ කළා.

Post a Comment

0 Comments