අකිල වෙනුවට ඩිල්රුවන් ගෙන්වයි ! හේතුව සැකයක්





ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වීම හේතුවෙන් අකිල ධනංජයට නවසීලන්තය සමග වන දෙවන ටෙස්ට් තරගය තරගය මඟ හැරෙන බව වාර්තා වේ.

මෙලෙසට චෝදනා එල්ල වීම හේතුවෙන් දින 12 ක් ඇතුළත අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව් පරික්‍ෂණයකට මුහුණ දිය යුතු අතර එම පරීක්‍ෂණයෙන් ඔහු වැරදිකරු වුවහොත් වසරක ක්‍රිකට් තහනමක් හිමිවේ.

මෙලෙසින් පන්දු යැවීමේ පරීක්‍ෂණයකට සහභාගි වීමට අකිල ධනංජයට සිදුවීම නිසා හෙට නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ඔහු වෙනුවට ඩිල්රුවන් පෙරේරා ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් ඇති බව වාර්තා වේ.

ඩිල්රුවන් පෙරේරා ආබාධයකින් පසු වුවද ඔහුගේ ආබාධය මේ වන විට සුව වී ඇති බැවින් හෙට තරගය සඳහා ක්‍රීඩා කිරීමට මේ වන විටත් පුහුණුවීම් අරඹා තිබේ.

Post a Comment

0 Comments