Popular Posts




නව පෙරමුණක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර අද (17) පැවැති තීරණාත්මක සාකච්ඡාව ද එකගතාවකින් තොරව අවසන් වුණා. එම සාකච්ඡාව පැවැත්වුණේ අමාත්‍ය රාජිත සේනාරත්නගේ කොළඹ පිහිටි නිවසේදීයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍ය රවී කරුණානායක සහ අමාත්‍ය නවීන් දිසානායක ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. මීට අමතරව අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ අමාත්‍ය මනෝ ගනේෂන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි වාර්තාකරු පැවසුවේ.

ජනාධිපති ධූර අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය එකගතාවයකට පැමිණීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් එකග වන අයෙකු ඒ සඳහා නම් කළ යුතු බවටයි සාකච්ඡාවට එක්වූ අමාත්‍යවරුන් පිරිසක් සඳහන් කර ඇත්තේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි අමාත්‍යවරුන් මාධ්‍යයට අදහස් දැක්වීමකින් තොරවම පිටව ගියා.

කෙසේවෙතත්, අද පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් අප අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා පැවසුවේ කිසිඳු ගැටලුවකින් තොරව සාකච්ඡා පැවැති බවයි. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් පසුව මාධ්‍ය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

0 comments

Post a Comment

Trending

facebook