සමාජ මාධ්‍ය විරෝධය හමුවේ ටිකිරි කෑගල්ලට !





සමාජ මාධ්‍ය ඔස්සේ ඉකුත්දා දැඩි කතා බහකට ලක් වූ ටිකිරි ඇතින්න අද (14) යළිත් කෑගල්ල ප්‍රදේශය බලා රැගෙන ගියා.

හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි කරුණාරත්න පැවසුවේ ඇතින්න යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

වයස්ගත මෙම ඇතින්න අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අවස්ථාවේදී මහනුවර පෙරහැරට එක්කර තිබූ බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වුණේ.

කෙසේවෙතත් එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මෙම ඇතින්නගේ අයිතිකරු විසින් භාරයක් ඔප්පු කිරීම සදහා ඇතින්න පෙරහැරට එක් කළ බවත් හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා කියාසිටියා.

Post a Comment

0 Comments