Popular Posts





මහින්ද පාලන සමයේදී ඝාතනයට ලක්වූ ප්‍රබල මාධ්‍යවේදියෙකුගේ දියණිය, වත්මන් අගමැතිවරයාට අඟහරුවාදා චෝදනා කළේ තම පියාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රබලයාගේ සහෝදරයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු නොකළ බවටය.

එම ඝාතනයට සැකකරන පුද්ගලයා දැන් විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ය.

ලසන්ත වික්‍රමතුංගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග අගමැති රනිල් වික්‍රමසිංහට ලිපියක් යවමින් කියා සිටියේ තම පියාගේ නම ඡන්දය ලබාගැනීම සදහා පාවිච්චි කලද ඔහුට යුක්තිය ඉටු කිරීම සඳහා වූ පොරොන්දුව ඉටුකිරීමට කටයුතු නොකිරීම පිළිබඳව චෝදනා කරමින්ය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග 2009 දී ඝාතනය කරන ලද්දේ රැකියාවට යමින් සිටියදීය. තම පියාගේ ඝාතනයට රජයේ ඉහළ ආරක්ෂක නිලධාරියෙකු වූ ගෝඨාභය සම්බන්ධ බවට චෝදනා කරමින් වන්දි ඉල්ලා අහිම්සා වික්‍රමතුංග ලොස් ඇන්ජලීස් උසාවියක නඩුවක් ගොනු කළාය.

නමුත් ගෝඨාභය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. ගෝඨාභය රාජපක්ෂ ධූරයේ සිටින කාලයේදී “ලසන්ත කවුද?” යනුවෙන් වරෙක සම්මුඛ සාකච්ඡාවකදී වාර්තාකරුවෙකුගෙන් ඇසීය. එලෙසම ගෝඨාභය පවසා සිටියේ විශාල පිරිසක් ප්‍රචණ්ඩත්වයෙන් මිය යන විට එක් මිනිසෙකු ගැන පමනක් මාධ්‍ය කනස්සල්ලට පත්වන්නේ ඇයි යනුවෙනි.

සන්ඩේ ලීඩර් පුවත්පත ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ විමර්ශන වාර්තා කිරීම සඳහා වන අතර ඒවායින් සමහරක් ගෝඨාභය සම්බන්ධ දූෂණ චෝදනාය.

අහිම්සා වික්‍රමතුංග තම ලිපිය මගින් මෙසේද චෝදනා කර සිටී

“මගේ පියා මියගිය දා සිට ඔබ ඡන්දය දිනා ගැනීම සඳහා ඔහුගේ නම පාවිච්චි කළා. ඔබගේ මැතිවරණ ව්‍යාපාරයේ මූලික කාරණාවක්  වූයේ මගේ පියාගේ මරණයයි. එය ඔබව අගමැති බවට පත්කළා. ඔබ ජාධිපති සිරිසේන බලයට ගෙනවිත්  ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ බලය දිනාගත්තේ මගේ පියාගේ ඝාතනයට සාධාරණයක් ඉටු කරන බව පවසමිනි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වගකීම ඔබ යටතේ කෙළින්ම පැවතියද අගමැතිවරයා වශයෙන් ඔබ ගෝඨාභයට විරැද්ධව නිසි පරීක්ෂණයක් සහතික නොකළේය. ඵමෙන්ම පුවත්පත විසින් ගෝඨාභයට ඵරෙහිව දූෂණ චෝදනාවන් වාර්තා කිරීම සහ මගේ පියාගේ ඝාතනය අතර සම්බන්ධයක් ඇති බවට සාක්ෂි තිබුනද එම නඩුවෙන් ගෝඨාභයගේ නම ඉවත් කර ගැනීමට කටයුතු කරන බවටද ඇය චෝදනා කළාය.

“අගමැතිතුමනි, හමුදාව සහ බුද්ධි අංශ විමර්ශනයට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළ විට ඔබ සිටියේ කොහේද? ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විවේචනාත්මක තොරතුරු සපයන්නෙකුට ආරක්ෂාව අවශ්‍ය යැයි පැවසූ විට ඔබ කළේ කුමක්ද? මගේ පියාගේ ප්‍රධාන මිනීමැරුම් විමර්ශක පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ජනාධිපතිවරයා විසින් රහස් පොලිසියෙන් පන්නා දැමූ විට, ඔබ විරෝධතාවයේ දී ඇඟිල්ලක් නොතැබුවේ ඇයි? ”

ආදී වශයෙන් චෝදනා රැසක් යොමු කරමින් අහිම්සා වික්‍රමතුංග සිය ලිපිය ලියා තිබේ. තම පියාගේ ඝාතනයට සාධාරණයක් ඉටුවීමට ඇයට අවුරැදු දහයක් බලාගෙන සිටීමට සිදුවීම ඛේදවාචකයක් නොවේද ?

0 comments

Post a Comment

Trending

facebook