ජනාධිපති අපේක්ෂක ගෝඨා අද අනුරාධපුරයට





ඊයේ දිනයේ දී පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පසුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයන් අද (12) අනුරාධපුරයට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව අද රාත්‍රි 7.00ට රුවන්වැලිමහා සෑය අභියස පැවැත්වෙන ආශීර්වාද පුජාවකට මහින්ද ඔවුන් සියලු දෙනා සහභාගි වීමට නියමිතය.

ඉන් පසුව හෙට දිනයේ දී (13) උදෑසන මෙම පිරිස ජය ශ්‍රි මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සදහන් කරයි.


ඊයේ දිනයේ දී මහ සමුළුවට සහභාගි වීමට පෙර අභයාරාමයට ගොස් ආශීර්වාද ලබා ගැනීමට ද ගෝඨාභය රාජපක්ෂ මාතා කටයුතු කළේ ය. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව අවසන් වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයින් කැළණිය රජ මහා විහාරස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

පස්වරු 06. 00ට පමණ මොවුන් කැළණිය විහාරස්ථානය වෙත පැමිණි අතර එම ස්ථානයට විශාල ජනතාවක්ද එක්රැස්ව සිටිය හ.

අනතුරුව මහා සංඝ රත්නය පැමිණි සිටි පිරිසට සහ රටට ආශිර්වාද සිදුකරමින් සෙත් පිරිත් සජ්ජායනය සිදු කරනු ලැබූ අතර කැළණිය රාජ මහා විහාරාධිපති මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහ නාහිමියන් අනුශාසනාවක්ද සිදුකරනු ලැබුවේය.

Post a Comment

0 Comments