සහජීවන සමුලුවට මොහොමඩ් පැමිණි හෙළිකොප්ටරය නිවාස බිලිගත් හැටි මෙන්න ! -VIDEO-




සාමය සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුවට සහභාගී වීම සඳහා පසුගිය 29 දා පස්වරුවේ මෙරටට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා ඊයේ (30) පස්වරුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී එම සමුළුවට සහභාගී වුනා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සමුළුව සඳහා සර්ව ආගමික නායකයින් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.
එසේම ඊයේ පෙරවරුවේ ගුවනින් මහනුවරට ගිය මහලේකම්වරයා  මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මුණ ගැසී සාකච්ඡා කර ඇති බව සඳහන්. එහිදී අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි අනුශාසනාවක් ද සිදුකළා.
මේ අතර  මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම්වරයා පැමිණි ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය මැණික්හින්න ප්‍රදේශයට ගොඩෑමේදී ඒ අවට නිවාස කිහිපයකට හානි සිදුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශවාසීන් මෙලස අදහස් දැක්වුවා.
‘‘හෙලිකොප්ටරේ බාන කොට බබා ලඟ හිටියා. මම බබා ගන්න කොටම ෂීට් ඔක්කොම කඩා ගෙන වැටුනා. එතකොට කෑල්ලක් ඇවිල්ලා වැදිලා තුවාල වුනා. බිත්ති පුපුරලා, ලයිට් මීටරේ ගලවගෙන ගිහිල්ලා, වහලෙ තහඩු ඔක්කොම ගිහිල්ලා, අපිට හදා ගන්න ශක්තියක් නෑ‘‘
එම අවස්ථාවේ වීඩියෝව පහළින් නරඹන්න

Post a Comment

0 Comments