Popular Posts




 හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් 2013-07-11 වන දින නිකුත් කල අංක 18-18-30 දරණ ගැසට් පත‍්‍රය නිසා ලංකාව විදේශ රටවල අපද්‍රව්‍ය බැහැරකරන ස්ථානයක් වී තිබෙනවා.

කෙසේ නමුත් එම ගැසට් නිවේදනය මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී.

අදත් විදේශිය අපද්‍රව්‍ය අඩංගු බහලූම් සිය ගණනක් ආනයනය කර තිබීම සිදුව ඇත්තේ මේ ගැසට් පත්‍රය අනුව යමිනි.

මේ වන විට එම අපද්‍රව්‍ය අඩංගු බහලූම් 225කට ආසන්න ප‍්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඉන් 120ක්ම වරායෙන් මුදාගෙන කටුනායක වෙළඳ කලාපය තුල ගබඩා කර තිබෙන බව දැනගන්නට ඇත.

මේ බව සහතික කරමින් පළමුව අනාවරණය කර සිටියේ සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජේ.ඒ.ගුණතිලක විසින් පසුගිය 18 වනදා ජනාධිපති සිරිසේන වෙත යොමුකළ ලිපිය හරහාය. එහි පිටපත් මුදල් අමාත්‍ය, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම රේගු අධ්‍යක්‍ෂක ජනරාල්තූමිය වෙතද යොමුකර තිබිණ.

එහිදී සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජනාධිපතිවරයා අමතා දන්වා තිබුණේ ජනාධිපති සිරිසේන යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් පවා අපද්‍රව්‍ය ගබඩා කර තිබු එම ස්ථානයට ගොස් තිබූ නමුත් ඔවුන්ද ජාවාරම්කරුවන් විසින් ලබාදෙන තොරතුරු අනුව ප්‍රකාශ ලබාදෙනවා මිස නිසි අධීක්ෂණයක් සිදුනොකර ඇති බවය. එනම් මෙම නිළධාරීන්ද මේ ජාවාරම් කරුවන්ගෙන් සං‍තෝසම් ලබා ගෙන ඇති බවය.

වසර ගනනාවක් තිස්සේ මෙලෙස ගොඩබාන ලද අපද්‍රව්‍ය වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් රට තුළට බැහැර කර ඇති අතර ඉතිරි ඒවාද එසේ බැහැර කිරීමේ හැකියාව තිබේ. එසේ වුවහොත් අපේ රටේ පරිසර පද්ධතියට සිදුවිය හැකි හානිය සුළුපටු නොවන අතර එහි වන්දිය නූපන් පරම්පරාවලටද ගෙවීමට සිදුවනු ඇති බවත් සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජේ.ඒ.ගුණතිලක සිය ලිපියේ සඳහන් කර තිබිණ.

මේ අතර මෙම අපද්‍රව්‍ය ලංකාවට ගෙන්වා තිබෙන්නේ හේලිස් සමාගම විසින් බව අනාවරණය වී තිබුණා.හේලීස් සමාගම ලංකාවේ ධනවතම පුද්ගලයා ලෙස සැලකෙන ධම්මික පෙරේරාට අයත් බවත් පැවසෙනවා. තවමත් කටුනායක එම සමාගමට අයත් භූමියක මෙම කසළ බහාලුම් ලෙස සැලකෙන බහාලුම් තොගයක් ගබඩාකර ඇති අයුරු ගුවන් ඡායාරූප තුළින් අනාවරණය කර තිබුණා.

පහත දැක්වෙන්නේ  රාජපක්ෂ පාලනය නිකුත්කර තිබු අදාළ ගැසට් පත්‍රයයි.


0 comments

Post a Comment

Trending

facebook