ඉදිරි මහ මැතිවරණයෙන් පසුව තමන් දේශපාලන දිවියෙන් සමුගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ දේශපාලන දිවියට තිස් වසරක් සපිරීම වෙනුවෙන් එම සංවිධානය කර තිබූ අතර එහිදී  අමාත්‍යවරයාගේ දිවියේ සුවිශේෂී අවස්ථා ඇතුළත්ව රචනා කළ මංගල සමරවීර කෘතිය එළිදැක්වීමද සිදු කෙරුණා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊළඟ මහ මැතිවරණය තමන් ඡන්දය ඉල්ලන අවසන් මැතිවරණය බවයි. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.

"ඊළඟ මහමැතිවරණය මම ඡන්දය ඉල්ලන අවසන් මැතිවරණයයි.  මේ ඡන්දයේදී මම අනිවාර්යයෙන් එනවා. දැන් මට අවුරුදු 63යි. තව අවුරුදු 05ක් කලාම හොඳටෝම ඇති. අපි හැම කෙනෙක්ම දැන ගන්න ඕනේ විශ්‍රාම යන්න ඕන වෙලාව සහ මොහොත"

0 comments

Post a Comment

Trending

facebook