පොහොට්ටුවේ තීරණ නිසා පක්ෂ කිහිපයක් ගැලවේ !




ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වී නොමැති සහ මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය නොකරන කුඩා පක්ෂ ගණනාවක් ද්විපාර්ශවීය ගිවිසුම් ගතවීම පිළිබඳ එම පක්ෂ සහ පොදූජන පෙරමුණු ප්‍රධානීන් අතර විශේෂ සාකච්ජාවක් හෙට (26) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙසෙන කොළඹ විජේරාම නිවසේදී සිදු කිරීමට නියමිතය.

එම අවස්තාවට සහභාගි වන ලෙස පොදුජන පෙරමුණ ලේකම්වරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන් ට ආරාධනා කර තිබේ.

අද සවස රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හෙට පැවැත්වෙන පොහොට්ටුව හා කුඩා පක්ෂ අතර ගිවිසුම් ගත වීමේ අවස්තාවට සහභාගිවීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ.

එයට හේතුව ලෙස එකී පක්ෂ නායකයන් පවසන්නේ සියලු පක්ෂ ඒකරාශි කර පුළුල් සන්ධානයක් ගොඩ නැගීම මග හැර පොදුජන පෙරමුණ තනි තනි පක්ෂ සමග වෙන වෙනම ගිවිසුම් ගතවීම තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ අනුව මහජන එක්සත් පෙරමුණ , ජාතික නිදහස් පෙරමුණ , ලංකා සමසමාජ පක්ෂය , පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ,ශ්‍රී ලංකා මහජන පක්ෂය ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුලු පක්ෂ ගණනාවක් මෙකී වර්ජනය සිදු කරනු ඇත. මීට අමතරව හිටපු අමාත්‍ය ඒ එල් එම් අතාවුල්ලා සහ ප්‍රභා ගණේෂන් මහතුන්ගේ පක්ෂ ද මෙම අවස්තාවට සහභාගි නොවී සිටීමට තීරණය කර තිබේ

Post a Comment

0 Comments