මම ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්නෙ නෑ !






තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පළවන වාර්තාවන්හි කිසිඳු සත්‍යාතාවක් නොමැති බවත්, එවැනි මතයන් නිර්මාණය කරන අයගෙන්ම ඒ ගැන ඇසිය යුතු බව ලසිත් මාලිංග සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (26) පැවති පළමු එක්දින තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මාලිංග මේ බව පවසා සිටියා.

“මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැහැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ” යැයි මාලිංග එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Post a Comment

0 Comments