Popular Posts






දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය මේ වනවිට ද ක්‍රියාත්මකයි. ඔවුන් මෙම වර්ජනය ඊයේ (03) මධ්‍යම රාත‍්‍රියේ සිට ආරම්භ කළා.

 අද (04) අලුයම කළ විමසීමක දී දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ මධ්‍යම රාත‍්‍රියේ සිට මේ දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවයි.

ඊයේ මධ්‍යම රාත‍්‍රියට පෙර ගමන් ආරම්භ කළ රාත‍්‍රී තැපැල් දුම්රියන් පමණක්
මේ වනවිට අදාළ දුම්රිය ස්ථානයන් වෙත ළඟා වෙමින් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

බීමතින් රාජකාරී කළ වෘත්තීය සමිති ලේකම්වරයෙකුට එරෙහිව විනය පියවර ගත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව ප්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් විවිධ බලපෑම් කරන බවට පවසමිනුයි දුම්රිය වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ.

0 comments

Post a Comment

Trending

facebook