Popular Posts






ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 2019 වසරේ ප්‍රථම කාර්තුවේ ආදායම්, වියදම් වාර්තා කතාබහට ලක්ව තිබෙනවා. එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට අනුව දිගින් දිගටම පාඩු ලැබූ  ශ්‍රී ලංකන් ගුවන් සේවය 2019 වසරේ අප්‍රේල් මාසය වන තෙක් මාස හතරේද රුපියල් බිලියන 12ක මුදලක් පාඩු ලබා තිබෙනවා.

මෙලෙසින් ශ්‍රී ලංකා ගුවන් සේවය පාඩු ලබා තිබෙනුයේ නව ප්‍රධාන මෙහෙයුම් නිළධාරියෙක් ඇතුලු නිළධා‍රී මඩුල්ලක් පත් කිරීමෙන් පසුව වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූවගත කිරීමේ සුදානමක් පිළිබඳවද පසුගිය දිනවල කතාබහට ලක්විය.

තවද ශ්‍රී ලංකා ගුවන් සමාගමේ මූල්‍යමය පාඩුව පියවා ගැනීමට විශාල මුදලකට විදේශීය උපදේශාත්මක සමාගමක් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ සේවය ලබා ගැනීමටද ශ්‍රී ලංකන් පරිපාලනය පසුගිය දිනවල කටයුතු කළා. කෙසේ වෙතත් එම සමාගම විසින් ලබා දුන් වාර්තාවද මේ ව්නවිට ශ්‍රී ලංකන් පරිපාලනය විසින් ඉවත දමා තිබෙන බවත් වාර්තා වෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙලෙසින් පාඩු ලැබීම පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හසන්ත ජයරත්නගෙන් නෙත් නිවුස් වීමසීමක් කළා. එහිදී ඔහු පැවසූවේ වත්මන් රජය බලයට පැමිණි පසු ගුවන් යානා මිලදී ගැනීමේදි සහ ලබා ගැනීමේදි සිදුවූ ඇතැම් සැක සහිත ගණුදෙනු මෙම පාඩුවට මූලීක හේතුවක් වී තිබෙන බවයි.

පසුගිය රජය විසින් ඇනවුම් කර තිබූ ගුවන් යානා ඇනවුම් අත්හිටවීමට වත්මන් රජය බලයට පැමිණි පසු කටයුතු කළ බවත් ඒ සදහා ඇ.ඩො.මි 30ක මුදලක් ගෙවීමට සිදූවු බවත් ඔහු සදහන් කළා. ඉන්පසුව air cab නම් සමාගම සමග සිදුවූ ගණුදෙනුවකින් භාවිතයට නොගන්නා ගුවන් යානයකට ශ්‍රී ලංකන් සමාගම තවමත් මුදල් ගෙවමින් සිටින බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා හෙළිකළා. මෙවැනි ගණුදෙනු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුවට හේතුවී තිබෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

0 comments

Post a Comment

Trending

facebook