රිෂාඩ් බදියුදීන්ට අමාත්‍යධූරයක් ලබාදීම ගැන රතන හිමි කී දේ !



රිෂාඞ් බදියුදීන්ට අමාත්‍ය ධුරයක් ලබාදීමට එරෙහිව ජනතාව සමග එක්ව අහිංසාවාදී සටනක් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ රාජගිරිය සදහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (29) රාති‍්‍රයේදී මාධ්‍ය හමුවක් කැඳවමින්.

එහිදී "රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට තමන්ගේ මුස්ලිම් ඡන්ද කුට්ටියක් ගැනීම සඳහා දොළපිදේනියක් හැටියට ඇමතිකම් ලබා දීලා තියෙනවා. අද මේ රටේ වැදගත් වෙන්නේ ඇමතිකම් ද රටේ ජනතාවගේ ඉදිරි පැවැත්මද කියන එක තීන්දු කරන දවසක් බවට අද පත්වෙලා තියෙනවා. ඒ සඳහා අපි තීරණාත්මකව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා." යනුවෙන්ද සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ "මම හිතනවා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපිත් එක්ක එකතු වෙයි කියලා. මෛත්‍රි ජනාධිපති ඇතුළු මේ ආණ්ඩුව වහාම ගෙදර යන්න ඕනේ. පොලිසියත් හමුදාවත් අපිත් සමග සිටියි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ සටනට එකතු වෙන්න කියලා තරුණයින් සහ වැඩිහිටි සියලු දෙනාටම ආරාධනා කරනවා." යනුවෙනි.

Post a Comment

0 Comments