රනිල් එපා ! සජිත්ගේ සහයට මංගලත් එක්වෙයි.







ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත්වීමට ජනපි‍්‍රයත්වය ඇත්තේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අමාත්‍යවරයා ඒ පිළිබඳ කරුණු දක්වමින් සඳහන් කළේ "අපේක්ෂකයෙක් වුණාට මදි. ඔහුට දිනන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මෙතනදි මම දකින්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාවයි. එතුමාට ජනප්‍රියත්වය හා හැකියාව තියෙනවා. කවුරු අනෙක් පැත්තෙන් ආවත් අපිට ඉතාමත් ඉහළින් දිනන්න පුළුවන් එතකොට. මේ කියන්නේ වර්තමාන නායකයාව විසි කරන්න හලන්න කියලා නෙමෙයි." යනුවෙනි.

සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා, ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පක්‍ෂයේ සියළු දෙනා එකඟ විය යුතු බවත් මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහ එම පක්ෂයේ හිටපු නායකයින්ගේ දර්ශනය ඉදිරියට ගෙනයා හැකි පුද්ගලයෙකු ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත්විය යුතු බවත් අමාත්‍යයවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටීම විශේෂත්වයකි.

Post a Comment

0 Comments