මරණීය දණ්ඩනය පිළිබඳ ඩිජිටල් මත විමසුමක් !




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගත් තීන්දුව සම්බන්ධයෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මත විමසීමක්  මේ දිනවල ක්‍රියාත්මක වනවා.

ඒ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශනයට සමගාමීවයි.

ඒ අනුව එම භූමියේ ස්ථාපිත කර තිබෙන ජනාධිපති කාර්යාලයේ විශේෂ කුටියේ දී ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීම පිළිබඳ ජනතා මතය උරගා බැලීමක් සිදුවන අතර ප‍්‍රදර්ශන භූමිය වෙත පැමිණෙන ජනතාවගෙන් ඒ සඳහා  ඉහළ ප‍්‍රතිචාරයක් හිමිවී තිබෙනවා.

අදාල මත විමසීමට  අනුව 95% ක ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව සිය මතය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

Post a Comment

0 Comments