බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යධූරය බොරිස් ජොන්සන් පත්වෙයි





බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂ සාමාජිකයින්ගේ ඡන්ද විමසීමේදී බොරිස් ජොන්සන් නව පක්ෂ නායකයා ලෙස තේරී පත් වී ඇති අතර ඒ සමඟ ඔහු එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරීපත්ව තිබේ.

පක්ෂ සාමාජිකයින්ගේ ඡන්ද විමසීමේදී ඔහු ජෙරමි හන්ට් පරාජය කළ අතර ජෙරමි ඡන්ද 46,656 ලබාගත් අතර බොරිස් ජන්ද 92,153 ක් ලබා ගත්තේය.

ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයා වන බොරිස් වර්ථමාන අගමැතිනි තෙරේසා මේ ගේ නික්ම යාමෙන් පසු බදාදා දිනයේදී වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.

ජොන්සන් මහතා සිය පිළිගැනීමේ කතාව ආරම්භ කළේ හිටපු අගමැතිනියට ප්‍රශංසා කරමින් “ඇයගේ කැබිනට් මණ්ඩලයේ සේවය කිරීම වරප්‍රසාදයක්” ලෙස පවසමිනි.

මෙම ජන්ද විමසීමේදී 160,000 කට ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එය 87.4% ක ඡන්ද ප්‍රතිශතයක් නියෝජනය කරයි

Post a Comment

0 Comments