ෆේස්බුක් සමාගමට එරෙහිව අමෙරිකානු ඩොලර් බිලියන 5 ක දඩයක් පැනවීමට අමෙරිකානු බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාල දඩ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 90,000 ට ආසන්න මුදලක්.

ෆේස්බුක් සමාගම විසින් සිය පරිශිලකයින් සතු දත්තවල රහස්‍යතාවය අනාවරණය කිරීමේ සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව  අමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම විසින් මෙම දඩය පනවා ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර ෆේස්බුක් සමාගම සිය මිලියන 87 ක පරිශීලකයින්ගේ දත්ත වෙනත් පාර්ශවවලට ලබාදීම සම්බන්ධයෙන් අනාවරණය වීම හේතුවෙන් මෙම දඩමුදල පනවා තිබෙනවා.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් සිදු කරන ආනාවරණයක් අනුව පසුගිය වසරේ මාර්තු මාසයේදී අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණා.

0 comments

Post a Comment

Trending

facebook