Popular Posts






මෙරටට පැමිණි බහාලුම්(කන්ටේනර්) 102ක් පසුගියදා රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවා. 

ඒ එම කන්ටේනර් තුල කසළ පවතින බවට තහවුරු වීමෙන් අනතුරුවයි.

රෝහල් අපද්‍රව්‍ය ඇතුලු ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය ටොන් ගණනක් මෙලෙස රට තුලට රැගෙන ඒමට සැලසුම්කර තිබේ.

මෙසේ එංගලන්තයේ සිට මෙරටට කසළ රැගෙන එනු ලබන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් හේලීස්  සමාගම විසින් බව අනාවරණය වී ඇත. එසේ රැගෙන එනු ලබන කසළ කටුනායක වෙළඳ කලාපයේ එම සමාගමට අයත් භූමිය තුල ගොඩ ගසා තිබෙන ආකාරයද ගුවන් මගින් ලබාගත් ජායාරූප හරහා තහවුරු වී තිබේ.

මේ අනුව බොහෝ කලක සිට එංගලන්තයේ සායනික අපද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍යයන් මෙරටට ගෙන්වා අනිසි ලෙස බැහැර කිරීමේ ක්‍රියාවලියක ධම්මික පෙරේරාට අයත් හේලීස් සමූහය නිරත වී සිටින බව මනාව පැහැදිලි වේ. 

ඒ හරහා ඔවුන් විශාල මුදලක් උපයන බවටද අනාවරණය වී ඇත.

මේ වනවිට රේගු භාරයට ගනු ලැබූ කන්ටේනර් 102 යලි එංගලන්ත කරා හරවා යැවීමට ක්‍රියා කර ඇති නමුත් මෙතෙක් රැස් කල අපද්‍රව්‍යන්ට හා ඉදිරියේදී මෙරටට ගෙන්වීමට නියමිත් කසළ තොග සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැත.





0 comments

Post a Comment

Trending

facebook