Popular Posts




යහපත් රටක් ගොඩනැගීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 වැනි සංශෝධන අහෝසි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23)  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළා.

" ගරු අගමැතිතුමනි, අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතර හමාරකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ පශ්චාත් මරණ පරීක්ෂණය තියන්න කාලය ඇවිල්ලා තියෙන්නේ.

මැතිවරණයකට යන්න දැන් තියෙන්නේ මාස 4-5ක වගේ කාලයක්. මේ ගතවුණු අවුරුදු හතර හමාරක කාලය තුල ආණ්ඩුව නරක් වුනානම් වුනේ මේ 19 වෙනි සංශෝධනය නිසයි. රටේ ජනතාවගෙන් චෝදනාවක් තියෙනවා අගමැතිතුමයි මමයි දෙපැත්තට අදිනවා කියලා.

 එහෙම තත්ත්වයක් ඇති වුනේ මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසයි. 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න තමයි අපි ආණ්ඩුවක් හැදුවෙ. 19 වෙනි සංශෝධනයෙන් මේ රටේ දේශාලන අස්ථාවරත්වයක් ඇති වුනා. එක නායකයෙක් නැතිව ගියා. 18 වෙනි සංශෝධනයත් 19 වෙනි සංශෝධනයත් අවලංගු කෙරුවොත් තමයි මේ රටට යහපතක් වෙන්නෙ".

‘‘19 ඒකාධිපති....  19 අස්ථාවරත්වය...  රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නෙ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති වෙච්ච තත්ත්වය නිසයි. 19 වෙනි සංශෝධනය ඇති නොවුනානම් මේ අවුරුදු හතර හාමාර මීට වඩා ජයග්‍රාහී සිවු වසරක්. ඒක නිසා අපි පිළිගන්න ඕන අපි අතින් වෙලා තියෙන වැරදි මොනවද කියලා".

‘‘පාර්ලිමේන්තුවෙ 225 න් 215 ක් 19 වෙනි සංශෝදනයට ඡන්දෙ දුන්නා.19 වෙනි සංශෝධනය හදපු ආණ්ඩුක්‍රම විශාරදයෝ හිතුවෙ නෑ මේ රටට මේ විනාසේ සිද්ධවෙයි කියලා.

 ඒ නිසා අනාගතේ මේ රට ගොඩගන්නනම් පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් තියෙන්නෙ. ආණ්ඩුකම ව්‍යවස්ථාව තුල 18 වෙනි සංශෝධනය සහ 19 වෙනි සංශෝධනය අහෝසි කරපු දවසට මේ රටේ හොඳ පාලනයක් ගෙනියන්න පුලුවන් ජනතාව සතුටු වෙන. එතැනින් හොද ප්‍රතිපල පෙන්වන්න පුළුවන්."


0 comments

Post a Comment

Trending

facebook