පසුගිය ජනවාරි මාසයේදී ඇතිවූ සුළි කුණාටුව හේතුවෙන් දැඩි හානි සිදුවූ කියුබාවේ හවානාහි රෙග්ලා ආශ්‍රිත ගම්මානයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී  ලංකාව ඇමෙරිකානු ඩොලර් 50000ක් (රුපියල් ලක්ෂ 89ක්  පමණ) පරිත්‍යාගයක් කිරීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීමේ සංකේතයක් ලෙසත්, දෙරට අතර රාජ්‍ය ත්‍රාත්න්‍රික සබඳතා ආරම්භ කර වසර 60ක් සැපිරීම වෙනුවෙනුත්  මෙම පරිත්‍යාගය සිදුකරනු ඇති බවයි රජය දන්වා සිටින්නේ.

එසේම මේ සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද ලැබී තිබෙනවා.

0 comments

Post a Comment

Trending

facebook