15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට අතවර කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් කරාටේ ගුරුවරයෙකුට බරපතළ වැඩ ඇතිව වසර නවයක සිරදඬුවම් කිරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් නියම කර තිබෙනවා.

මීට අමතරව රුපියල් 10,000 ක දඩයක්‌ සහ අතවරයට පත් ශිෂ්‍යාවට රුපියල් ලක්‌ෂයක වන්දියක්‌ ගෙවීමට විත්තිකරුට නියෝග කර ඇති අතර මෙලෙස සිරදඬුවම් නියම වූයේ කඳාන මහබාගේ ශාන්ත ජූඩ් මාවතේ පදිංචි රාජප්පන් ජපමලේ ඩික්‌සන් නමැති 45 හැවිරිදි විවාහක පුද්ගලයෙකුටයි. 

අදාළ ගුරුවරයා විසින් තම කරාටේ කණ්‌ඩායමේ උප නායිකාව ලෙස කටයුතු කළ එම  ශිෂ්‍යාවගේ නිවසට ගොස් වරින්වර ඇයව අතවර කළ බව පැමිණිල්ලේ සඳහන්ව තිබූ අතර  රජයේ අධිනීතිඥ පද්මාල් වීරසිංහ ද සිල්වා මහතා විසින් පැමිණිල්ල මෙහෙයවනු ලැබුවා.

0 comments

Post a Comment

Trending

facebook