මන්නාරම වෙරළ තීරයේ පාළු වාඩියක සඟවා තිබු ඉන්දියාවේ සිට ගෙන්වන ලද බීඩි කොළ කිලෝග්රැම් 140 ක් ඊයේ (26) අත්අඩංගුවට ගත් බව මන්නාරම සුරාබදු කාර්යාලය පවසනවා.
සුරාබදු කාර්යාල නිළධාරීන් පැවසූවේ නීති විරෝධි අයුරින් ඉන්දියාවේ සිට බෝට්ටු මගින් රැගෙනවිත් මෙරට බෙදා හැරීම වෙනුවෙන් සුදානම් කොට තිබු බීඩි කොළ තොගයක් එලෙස සොයාගත් බවයි.
ලද තොරතුරක් මත අදාළ බීඩි කොළ තොගය සොයාගත් අතර, පසුගිය සමයේ මන්නාරම වෙරළ සීමාවෙන් බලපත් නොමැතිව බීඩිකොළ කිලෝග්රැම් 3000කට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවද සුරාබදු නිළධාරීන් පැවසූවා.
අත්අඩංගුවට ගත් බීඩිකොළ තොගය මන්නාරම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම සුරාබදු කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
0 Comments