ශ්‍රී ලංකාවේ ඇතිවූ සිද්දීන් කිහිපයක් මුල්කරගනිමින් පසුගිය දා සිදුකරන ලද සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම පදනම් කරගනිමින් ෆේස්බුක් ආයතනයෙන් නව පියවර රැසක් ගෙන තිබෙනවා. 
විශේෂයෙන්ම ජන කොට්ඨාශ අතර අසමගිය ඇතිවන ආකාරයේ ෆේස්බුක් පෝස්ට් සහ වෛරීසහගත පණිවිඩු පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එවැනි ප්‍රකාශන යලි ෆේස්බුක් අඩවියෙහි පල නොකිරීමට සහ පණිවිඩ හරහා හුවමාරු කර ගැනීම වැළැක්වීමට නවතම පියවර ගනිමින් සිටින බවයි ෆේස්බුක් ආයතනයේ නියෝජිතයෙකු ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සමඟ පවසා ඇත්තේ. එසේම  මේ සදහා වෙනම කණ්ඩායමක් පවා මේවනවිට පත්කර ඇති බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ෆේස්බුක් ප්‍රමිතීන් උල්ලංඝනය කරන ගිණුම් හා පෝස්ට් ඉවත් කිරීම, මානසික ආතතීන් වැඩි කිරීමට හැකියාව ඇති පෝස්ට් ප්‍රචාරය වීම අඩු කිරීම සහ මානසික ආතතීන් අඩු කිරීමට යොදාගතහැකි ෆේස්බුක් හා අන්තර්ජාල නිෂ්පාදන පිලිබදව විශාල වශයෙන් ජනතාව දැනුවත් කිරීම මෙන්ම ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි අන්තර්ගතයන් පවතින ෆේස්බුක් පෝස්ට් පිලිබදව පිළිබඳ පරිශීලකයින් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ.
මෙම ගැටලු විසඳීම සඳහා ෆේස්බුක් ආයතනය AI තාක්ෂනය භාවිතා කිරීමට කටයුතු කරන බව සඳහන් වන අතර භාෂාමය ගැටළු විසදා ගැනීම සදහා සිංහල පරිවර්තකයන්ගේ සහය ඉදිරියේදී නැවතත් ලබාගැනීමට සුදානම් බවද ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර Messenger හරහා යවනු ලබන පණිවිඩ  Forward කිරීමට ඇති හැකියාවද සීමා කර ඇති අතර පසුගිය මාස කිහිපයේ ලැබුණු වාර්තා වලින් 65.4% පමණ පෝස්ටු හා ගිණුම් ඉවත්කිරීමට කටයුතු කල බව ඔවුන් සදහන් කර තිබෙනවා. 

0 comments

Post a Comment

Trending

facebook