Popular Posts







තම පෙම්වතිය හමු වූ අවස්ථාවල නිතරම තමා සමග රණ්ඩු සරුවල් කිරීම කරදරයක් වූ නිසා ඇය අවසන් තීරණය කළ බව පොලොන්නරුව, පුලස්තිගම බී. ඕ. ජී 317 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි ඇගලූම් සේවිකාවගේ ඝාතකයා බව කියන විවාහක එක් දරු පියෙකු වන සැකකරු පොලිසියට ප‍්‍රකාශ කර ඇත.

ඒ අනුව පසුගිය අපේ‍්‍රල් මස 10 වැනි දින පොලොන්නරුව ලක්‍ෂඋයන ප‍්‍රදේශයේ පිහිටි වෙල් යායක් අසල පාළු තැනකට තමාත් තම පෙම්වතියත් කතා බහ කිරීම සඳහා පැමිණි බවත් එහිදී ඇය තමා සමග රණ්ඩු කළ විට පිහියකින් ඇයගේ ගෙලට හා සිරුරේ කිහිප පොලකට පිහියෙන් හානි කර පසුව පෙට‍්‍රල් වත්කර ගිනි තැබූ බව සැකකරු වැඩිදුරටත් පවසා තිබේ.

ඒ සිද්ධියෙන් දින 03 කට පසුව එනම් අපේ‍්‍රල් 13 වැනි දින ඒ ස්ථානයට පැමිණ බැලූවිට මළ සිරුරේ හිස් කබල සහ ඇටකටු ඉතිරි වී තිබූ බවත් ඒවා නැවත ගිනි තබා විනාශ කළ බවද සැකකරු පොලිසියට කියා ඇත.

පොලොන්නරුව, පුලස්තිපුර බී. ඕ. ජී. 317 අංක 03 ලිපිනයේ පදිංචිව සිටි අවිවාහක තරුණියක වන ඩබ්ලිව්. එල්. එම්. ඒ. ජී. අයේෂා කෞෂල්‍යා (23) යන අය මෙසේ අවසන් ගමන් ගිය..

ඇය පොලොන්නරුව නගරයට නුදුරුව පිහිටි ඇගලූම් කම්හලක රැකියාව කරමින් සිටියදී එහිම සේවය කළ විවාහක එක් දරු පියෙකු සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

පසුගිය අප්‍රෙල් 10 වැනි දින සිට ඇය නිවෙසින් අනතුරුදන්ව ඇතැයි ඇගේ පියා විසින් අපෙ‍්‍රල් මස 03 වැනි දින පුලස්තිපුර පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ පුලස්තිපුර පොලිසියේ පොලිස් කණ්ඩායමක් මේ තරුණිය සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය බව කියන විවාහක පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට පාපොච්චාරණයක් කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් විසින් ඇයව මරා සිරුර පුළුස්සා විනාශ කළ බවය.

සිද්දිය සිදු කළ ස්ථානය සැකකරු විසින් පොලිසියට පෙන්වා තිබෙන අතර පොලොන්නරුව, ලක්‍ෂඋයන ප‍්‍රදේශයේ වෙල්යායක් අසල පිහිටි ඒ ස්ථානය පරීක්‍ෂාවට ලක් කිරීමේදී තරුණියගේ මළ සිරුරේ අස්ථි කොටස් බවට සැක කෙරෙන අවශේෂ හමු වු බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීහු ප‍්‍රකාශ කළහ. මේ අතර ඒ ස්ථානයේ තිබී හමු වු බව කියන පාවහන් යුගලක් තම දියණියගේ බවට ඇගේ පියා විසින් හඳුනාගෙන ඇතැයිද පොලිසිය සඳහන් කළේය.

මේ අපරාධය සිදුව ඇත්තේ පොලොන්නරුව පොලිස් බල ප‍්‍රදේශයේ හෙයින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම පොලොන්නරුව මූලස්ථාන පොලිසිය මගින් සිදු කරන ලෙසට පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික වීරසේකර මහතා විසින් උපදෙස් දී ඇත.

ඒ අනුව පොලොන්නරුව පොලිස් අධිකාරී තිස්ස ලාල්ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. එස්. එම්. ජරූල් මහතා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්‍ෂණ සිදු කරති.

කරුණාරත්න ගමගේ
(දිවයින)

0 comments

Post a Comment

Trending

facebook