පසුගිය අප්‍රේල් මස 21 වන දින ලංකාවේ සිදු වූ අවාසනාවන්ත සිදු වීම නිසා පාසල්වල ආරක්ෂක හේතු මත කියමින් සමහර පාසල්වල දරුවන්ට විනිවිද පෙනෙන බෑග් පමණක් පාසලට ගෙන ඒමට නියම කර තිබු බවත් එසේ විනිවිද නොපෙනෙන බෑග් ගෙනා මාවනැල්ල මයුරපාද විදුහලේ දරුවන්ට දැඩි හිරිහැරයකට ලක්වීමක් සිදුකර ඇති බව පසුගියදා වාර්තා වුනා.

මේ පිලිබදව පසු ගිය දා නිවේදනයක් නිකුත්කරමින් ලංකා ගුරු සංගමය මේ බව සදහන් කරන අතර විනිවිද නොපෙනෙන බෑග් සහිතව මාවනැල්ල මයුරපාද විදුහලට පැමිණි දරුවන්ට පාසලට ඇතුළුවීමට ඉඩ දෙනු ලැබුවේ ඔවුන්ගේ බෑග්වල ඇති පොත්, කෑම පෙට්ටි ඇතුළු දරුවන්ගේ උපකරණ බෑග්වලින් ඉවත් කර ඒවා දරුවන්ගේ අතේ රැගෙන යාමට සලස්වමින් බවත් එහි සදහන් කර ඇත.

තවද එසේ පැමිණි දරුවන්ගේ පාසල්බෑග් පාසල් ගේට්ටුව අසල බිම ගොඩගසා තිබූ අතර දරුවන් හඬමින් තම අපහසුතාවයන් ප‍්‍රකාශ කරමින් පාසලට ඇතුළු වන ආකාරය මාධ්‍ය මගින් පවා දක්නට ලැබුණු බවත් මෙලෙස විනිවිද පෙනෙන බෑග් පමණක් පාසලට ගෙන ඒමට තීරණ ගැනීම මත පාසල් ගණනාවක දරුවන් මෙලෙස පීඩවාට පත්ව තිබූ අතර මෙසේ පාසලේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් දරුවන් හිරහැරයට පත් කිරීමට කිසියම් පිරිසක් කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයක් බවත් එම නිවේදනයේ දැක්වේ.

මේ අතර විනිවිද නොපෙනෙන බෑග් රැගෙන නොපැමිණි බව පවසා පාසල් සිසුන් ගෙදර යැවූ විදුහල්පතිවරුන් සිටින රටක කුඩා දරුවන්ගේ මනසට සහනයක් වෙමින් නවමු ආකාරයේ අත්දැකීමක් ලබාදෙන පාසලක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ඒ කලුතර ශ්‍රී දේවානන්ද විද්‍යාලයයි. මේ දකින්නේ මේ දිනවල පාසල් දරුවන්ගේ පාසල් බෑග් සෝදිසි කරන අවස්ථාවක්. ඒ විදියට බෑග් සෝදිසි කරන්නේ ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයේ දරුවන්ගේ. හැබැයි සාමාන්‍ය විදියට නම් නෙවෙයි. දරුවන්ගේ මුවඟට සිනහවක් ගෙනෙන විදියට ලස්සන ඇඳුමකින් සැරසිලා මේ විදියට බෑග් සෝදිසි කරන්නේ එම පාසලේ ගුරු මහතෙකු විසින් වලසෙකුගේ ආකාරයට සැරසි ඉතා මිත්‍රශීලි ලෙස දරුවන්ගේ ගමන් මලු පරීක්ෂා කරමින් ඔවුන්ව පාසල වෙත ඇතුලු කරන අයුරු දැකගන්නට පුළුවන්. ඇත්තටම මේක විශිෂ්ඨ වැඩක් වගේම නිර්මාණාත්මක වැඩක්. මෙහෙම හැම පාසලක්ම අලුත් විදියට මේක කරනවා නම් ඇත්තටම දරුවන්ගෙන් වුනත් ලොකු සහයෝගයක් මේ වැඩේට හම්බවෙයි







0 comments

Post a Comment

Trending

facebook