යළි උපන්න ඇගේ කතාව පසුගියදා සිදුවූ ඛේදවාචකයෙන් පසු, ගොඩ නැගෙන රටට සහ ජීවිතවලට මේ කතාව ශක්තියක් වනු නොඅනුමානයි. ස්නේහා මින්දනී. එහෙමත් නැත්නම් දෝනි. යළි උපන්න ඇගේ කතාවයි මේ.

දෝනිට ඒ අතීතය අමතක වුණත් දෝනිගේ තාත්තට නම් අදටත් ඒ මතක තවමත් අමතක නැහැ. සියල්ල අනිත්‍ය වුණත් දරු සෙනෙහසට උපමා කළ හැකි අන් කිසිවක් මෙළොව නැති නිසාම දෝනිගේ තාත්තා ඇය සෙවීම අත් හැරියේ නැහැ.

මිහිබට දෙවිවරුන්ගේ දෑතේ ශක්තියෙනුත් මව්පියන්ගේ හිතේ ආශිර්වාදයෙනුත් යළිත් මේ ලෝකය දකින්නට දෝනි දෙවියන්ගේ වාසනාව ලැබුවා.ජීවිත අවදානමෙන් මිදුණද තවමත් දෝනිගේ සංකූලතා නිමක් නැහැ.

ඇගේ හිස් කබලේ ඉදිරි කොටසට හානි සිදුව ඇති අතර එම කොටස මේ වනවිට මිනිස් පටක රෝපණ බැංකුවේ තැන්පත් කර තිබෙන්නේ වෛද්‍ය උපදෙස් අනුවයි.

නොසිතූ මොහොතක තම හිස මත කඩා වැටුණු මේ අසීමිත බරින් දෝනිගේ පවුලේ ආර්ථිකයට බලපෑමක් එල්ල වුණත් ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසින්. ඉලක්කමෙන් ඉලක්කම එක්වෙමින් පිටුවෙන් පිටුව මේ පෙරළෙන්නේ අලුත් බලාපොරොත්තු සමගින් යළි උපන්න දෝනිගේ ජීවිතයයි.

ඒ අලුත් සිතුවිලිවලින්, ශක්තියෙන් හෙට දවසේදී රට ගොඩනගන්නට ලොව ජයගන්නට දෝනිට හැකියාව ලැබෙනු නොඅනුමානයි.

0 comments

Post a Comment

Trending

facebook