Popular Posts






“වචනෙකින් හරි දිරිමත් කරපු හැමෝටම මම ණයගැතියි…” මටත් මගේ තාත්තාටත් ආදරේ කරන හැමෝටම ගොඩාක් ස්තූතියි..ඩුබායි අත්අඩංගුවේ සිට පිටුවහල් කළ ගායක අමල් පෙරේරාගේ පුත්, නදීමාල් පෙරේරා දිවයිනට පැමිණියේ පසුගිය මස 27 වන දිනයි. ඉන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළෙදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු විසින් ප්‍රකාශ ලබා දුන් අතර පසුව ඔහු නිදහස් කරනු ලැබුවා.

එහිදී මාධ්‍ය හමුවේ නදීමාල් කිසිවක් ප්‍රකාශ කළේ නැහැ. කෙසේ වෙතත් ඔහු විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින්…

පටන් ගන්න ඕනේ කොතනින්ද කියලා හිතාගන්න අමාරුයි. කොච්චර අමාරුවක වැටුනත් මට මේ තරම් ආදරේ කරන අය ඉන්නවා ද කියලා දකිද්දි දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. ඉතින් විශේෂයෙන් Nisal Fernando Dilshika Weerasuriya Sanuka Wicky Sajitha Anuththara Anthony Kaushan Wijesuriya Evanda Vithanage Dilmin Perera Praveen Gunaratne Kashon Fernando ඇතුලු මගේ යාලුවන්ට, මගේ band එකේ සහෝදරයින්ට, මගේ නෑදෑයින්ට, මං සහ මගේ තාත්තා වෙනුවෙන් දෙවියන්ට භාර වුණු අයට, අපිව බලන්න ලැබෙන විනාඩි 10ට හරි ලංකාවේ ඉදන් ticket දාගෙන ආපු අයට, සහ වචනෙකින් හරි මගේ අම්මාව, පවුලේ අයව දිරිමත් කරපු හැමෝටම, හැමදාම මම ණයගැතීයි. ස්තූති කරන්න ඕන කොහොමද කියලා ඇත්තටම තේරෙන්නෙ නැහැ.

මම තනිවෙලා නෑ කියලා මට message කරලා call කරලා තිබුන හැමෝටම ගොඩක් පින්. ඒ වචන තමයි අදටත් මාව ජීවත් කරවන්නේ. සමාවෙන්න ඒ messages වලට තනි තනිව reply කරන්න බැරි වුනා නම්. ඒ වගේම ලංකාවේ gossip sites වල කොච්චර බොරු දේවල් දැම්මත් ඒවා විශ්වාස නොකර මං ගැන ඔයාලා තිබ්බ ඒ විශ්වාසයට මම ස්තූතිවන්ත වෙනවා වගේම ගරු කරනවා. ඉතින් ආයෙත් කියන්නම් මටත් මගේ තාත්තාටත් ආදරේ කරන හැමෝටම ගොඩාක් ස්තූතියි. ආදරෙයි ඔයාලා හැමෝටම. ආයෙත් ඉක්මනින් හම්බවෙන්නම්!

බුදු සරණයි! ජේසු පිහිටයි! ♥️


0 comments

Post a Comment

Trending

facebook